Monday, January 17, 2011

මෙන්න බැංකු

මේ ලියන්නේ ඔබ දැනුවත් කරන්න,
මම ගත්ත ණයක්, දැන් ණය ගෙවාගෙන යනවා. ආව පොඩි කරදරයක්, දැන් වාරික 02ක් හිඟයි.
‍ෙම් ණයට අැපයට කවුරැත් නෑ.
දැන් බැංකුවෙන් කියල මගේ යාලුවෙකුට ඇමතුමක් එනව.
ඔයාගෙ යාලුව ණයක් අරගත්තා ඒක දැන් ‍ෙගවන්නෙ නෑ කියල.
ඔය කිව්වේ කෙටියෙන් ඒත් තවත්ගොඩක් දේ එයාට කිව්වා.
මෙන්න ඊලගට අැමතුමක් ඒනවා ම ෙග් ලග වැඩකරන යාලුවට,ඒයාට කියනවා (නම) ණයක් ගත්තා ඒක දැන් ‍ෙගවන්නෙ නෑ, කවුද එයාගෙ බොස් කියල. තවත්ගොඩක් දේ එයාට කිව්වා.
ඒවුනාට මට තවම මුකුත්නෑ, මේ වෙන කොට මම බැංකුවල ප්‍රශ්ණ කතාකරන
ලොකු ආයතනයටකතාකරලතිබුනෙ.  
ඔන්න ගෙදරට ආව ඇමතුමක්.
කතා කරන්නේ කවුද කියල හදුන්වල දුන්නේනෑ.
ණය වාරිකය දාන්නෙ කවදද කියලඅහනව.
මම ඇහැව්ව කොහෙන්ද කතා කරන්නෙ කියල.
මම T…  බැංකුවෙන් කිව්වා .
මම කිව්වා ගෙව්ව විදිහටම ගෙවනව කියල. එහෙම කියල බෑ දාන්නෙ කවදද කියල
නැවත අහනව.
මම කිව්වා දුර කථනයෙන් ණය ගැන කතා නෑ. අවශ්‍ය දෙයක් තියෙනව  
කම් ලියල එවන්න කියල. එහෙම බැංකුව බැදිල නැතිලු.මේ ඔක්කොම කෙටියෙන්
අන්තිමටම කිව්වේ මෙහෙම “හිගන්නන්ට ණය දීල ගන්න තියෙන කරදරයක් “කියල
මමත් එතකොටම කිව්වා හිගන්නන්ගෙ සල්ලිවලින් තමයි උඹල පඩි ගන්නේ කියල.
ඔක්කොම හොදයි මම මේ ගැන දන්වල යැව්ව ලිපි වලට පිලිතුරැ ලැබුනෙ නෑ.
මම මේ තර්ජන නතරවන තුරැ ණය ගෙවීම ප්‍රමාද කරනවා.
හොදම දේ ඒක නෙවෙයි.
බැංකුවේ රහස්‍ය බව හා පෙද්ගලිකත්වය කෝ
දැන් මෙහෙමයි බැංකුවල ආචාර ධර්ම.
හොදයි නේද.

2 comments:

jhothishalanka said...

ඔයා තාම දාල තියෙන්නේ පෝස්ට් දෙකක් උනාට ඔයා ලියන විදිය සරලයි.හරවත්.බැංකු වල වැඩ ඔහොම තමයි.අපේ පැත්තෙන් යුතුකම් නීති වෙලාවට ඉෂ්ට වීම තමයි ඒගොල්ලන්ගෙ ක්‍රමය.ඒ පැත්තෙන් අපට වෙන්න ඕන යුතුකම් හරියට කෙරෙන්නේ නැහැ.මීටත් වඩා වටින ලිපි ලියන්න.අපිත් ඉන්නවා බලන්න.
word verification ඉවත් කරන්න.

Settings -> comments -> Show word verification for comments? ->select No

Sagara said...

මචං හොඳ දෙකක් කියලා බනින්න. ඒ වාගේම ආයෙත් ඒ call එනවානම් රෙකෝඩ් කරලා එම බැංකුවේ සාමාන්‍යාධිකාරි හමුවී එය අහන්න දෙන්න. ඔය වගේ දේවල් ශාඛා කළමණාකරුවන්ට යොමුකරන්න එපා.